Sunday, July 1, 2012

මම ගියා අවුකන බුදුන්ටත්..දෑස් දුන් මිනිසා සොයා…..

ජිවිතේ..මන් සටහන් අතර ඇවිද යන සඳ ..අනේකවිද දුක්ක දෝමනස්සයන්..ආනන්දයන් හමුවුවද..මෙවු සන්කීර්ණ සමාජ ක්‍රමවෙදය..ඒවායෙහි පුසුඹ විඳගන්නට..ඉඩ හසර..නොදෙයි...එකෙකු සිතුවමකින්..තවකෙකු..සප්ත ස්වරයෙන්..හෝ නර්තන ලතාවකින්..එවූ දෑ හැඟුම්..දැකුම් කරයි..මා එය අකුරු කරන්නට පෙලඹෙනුයේ..ඒ වු රිද්මයන්ගෙන් මා පොහොසත් නොමැති බැවිනි..අවසර මටත්..ලියන්නට..
මෑත කාලයේ බිහිවන ගේය පද රචනාවන් ගැන මාගේ එතරම් ඇල්මක් නොවන්නේ..ඒවා..වෙරලේ බිඳී පෙණපිඩු වන රළ මෙන් බැවිනි.. මා දකින අයුරින්.. එවූ රචනාවන් ජනසමාජය ආදරයෙන් වැලඳ නොගන්නේ..එවා ස්‍රාවකයාගේ ජිවිතය හා බද්ද නොවන බැවිනි..ගීතයක පද අතර කියැවෙන්නේ ඔබේත් මගේත් පොදු ජීවන රසයක අටපත එකට සිඳගත් සාරය නම්..එවූ ගීතය සමඟ ඒකාත්මික නොවන්නට කාරණා කිම..මෙවූ විපරියාස පද රචනා අතර..ඉඳ හිට මා ප්‍රකම්පනයට පත් කරන්නට සමත් ගේය පද රචනා හමු නොවනවා නොවේ..මේ එවන් වූවක් ගැන මගේ හැඟුමයි.
ප්‍රථම වරට මා සවනත මේ ගීය වැටෙන්නේ..නිවෙසේ සිට කොළඹ බලා එන අතරතුර බස් රථයකදී..සාමාන්යෙන් මෙවු බස් රථවල කොත්තු ගසනවා වන් ගීත මිස සන්වේදී ගීතයක් ඇසෙන්නේ නැතිම තරම්ය..එදා වටපිට ඝෝෂාව සමඟ පද පෙල හරි හැටි ඇසුනේ නැතත්..එ හඬ සුනිල් එදිරිසින්හයන්ගේ බවත් අතරින් පතර පද කීපයක් අහුලා ගන්නටත් මම සමත්වීමි..පසුව අපහසුවෙන් වුවත් ගීය යූ ටියුබ් අඩවියෙන් සොයා ගන්නට මා වාසනවන්ත විය…

"මේ තරම සියුමැලිද කලු ගල් හිතන්නටවත් බැරි නිසා.."

සමාධි බුදුරුව අවුකන බුදු රුව දකින ඔබේ මගේ මුවඟ මේ වදන් රැවු දුන්නා නොවේද..ඔබත් මමත් එලෙස විස්මයට පත්වූවා නොවේද? සීගිරි සිතුවම් දුටු..පෙර දවස හෙල කවියා..සීගිරි ලිය වැට්කොල් මලකට උපමා කලේ එවු විස්මය කියා ගත නොහැකි තැන විය හැක.. එවූ ජීව ගුණයක් අජීවී සෙල් කුලකට දෙන්නට තරම්..පිරිපුන් මිනිසා කවුද?
"මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා....."
පද රචකයා කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයෙකුදැයි මා නොදනිමි..ඔබට මට නොහැකි වුවත්..ඔහු මේ අපූර්ව මිනිසා සොයා ගොස් ඇත..එන්න එක්වන්න ඒ සොඳුරු පිලිසඳරට දෙසවන යොමන්නට..
“කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා..
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා..”
මේ සුන්දර මිනිසා අනෙකෙකු නොව ඔබේ මගේ මුතුන් මිත්තාය..නොමැවෙන්නේද ඔබට..අල්පේච්ච දිවියක නිවුනු රසය විඳින..පැදුරු කඩමාල්ලක වාඩිවී ගත විඩාව සන්සිඳිමින් සසර චක්‍රයේ අනිත්‍ය සිහිකරන අපූරු උත්තම මිනිසෙකු..
“ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා..
මා ඇසූ විට හිනැහුනා ඔහු ..තවම තනිකඩ යැයි කියා..”
යාත්‍රිකයා..මේ සොඳුරු හුදකලාවට ආගන්තුකයෙකි..ඔහුගේ ප්‍රශ්න වැලේ නිමාවක නැත..ඒ අතර මේ මිනිසාගේ සන්වේදීම මතකයක් අවදි කරන්නටද..යාත්‍රිකයා අමතක කරනේ නැත.. මේ සුන්දර මිනිසා ජිවිතයේ සරතැස අවබෝධ කොට ඇති බව මේ පද පෙල මොනවට කියා පායි... අවාසනාවට මේ සන්වාදයේ ඉතිරිය අසා විමසා දැනගන්නට අප හට වාසනාව නැත..පිපාසිතයි..ඉතිරිය අසන්නට....
යාත්‍රිකයා ගැන මට කිසිවක් කිව නොහැක..මම සිතුවිලි ගොන්නක අතරමන් වීයෙමි..මේ ගීය මා පියවි ලොවින් ඔබ්බ්ට තල්ලු කරන්නට සමත් විය..

ගීයේ පද රචකයානන්ටත්..සුනිල් එදිරිසින්හයන්ටත් උපහාරයක්ම වේවා.!!

9 comments:

  1. පටන්ගන්මම, අපුරු ලිපියක්.
    ජයවේවා අයියා, දිගටම ලියගෙන යන්න.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි මල්ලී..මල්ලීගේ දිරිමත් කිරීමත් හුඟක් බලපෑවා..මේක පටන් ගන්න..

    ReplyDelete
  3. කල්ප මට කියන්න වචන නෑ.ඒ තරම්ම උබේ විචාරය මාරම රසවත්.රචකයව උබ පත අටට සිදලා බීලද කියල මට හිතුන.තව තව ලියපන් මම එකක්වත් මග අරින්නේ නෑ.

    ReplyDelete
  4. Yako malli, mara porak welane. kadda me kalawata pembadde... hamadama samaja kramaya gena wada kara kara hitapu aka.......... hardware heart eka softwalada
    ohama yamu maleeeeeeeeee
    magen suba patum

    ReplyDelete
  5. සුබ පැතුම් මල්ලි.. දිගටම ලියන්න

    ReplyDelete
  6. Pattai malli...
    A great article..
    May this blog help you to unleashed your hidden talents...
    All the best....

    ReplyDelete
  7. කියවද්දි සින්දුව අහද්දි හිතින් නොගිය තැන් වලට යනව...රසවින්දනයට අලුත් පාරක්. තවත් ලියල අපට කියපන් "මේ පාරෙන් එන්න" කියල.අපි එන්නම් ඒ පාරෙන්...

    සුබපැතුම් කල්ප...

    ReplyDelete
  8. හරිම අගෙයි එකනේ මම කිවෙ ලියන්න කියලා...තවත් ලියන්න...

    ReplyDelete
  9. මම බ්ලොග් ලියන එක සහ කියවන එකත් බොහෝ දුරට නවත්තලා තිබුනේ. පහුගිය ටිකේ වැඩ නිසා බ්ලොග් පැත්තට එබුනේ නෑ. අනික බහුතරයක් බ්ලොග් වල ලියවෙන් ඕපාදුප සහ හර සුන් පොස්ට් අතර රසවත් යමක් දැක්කේ සැහෙන කාලෙකින්......... නියමයි මල්ලී....... බොහොම පින්... දිගටම ලියපන්,,,,,,

    ReplyDelete