Wednesday, August 14, 2013

අජානීය ස්කූටර්..උදුම්බරා මල හා සුදු අරලියා මල..

විරහව ගීය සඳහා අද ඊයේ මාතෘකාවක් වූවක් නොවේ..මෙහි කියවෙන ගීතයත් විරහවම මූලය කර ගත්තක වුවද අනෙක් බොහෝමයක් විරහ ගී වලට වඩ මා මෙහි දුටු විශේෂතා කීපයක් කරණ කොට ගෙන ගීය වනන්නට සිත් වුනි. ගියේ පද අතරින්ම එවා උලුප්පා දැක්වීම යෙහෙකියි සිතෙන බැවින් මෙතැන ඒ මොනවාදැයි නොපවසන්නෙමි.
                                         
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා..
කුමාරියන් වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..

මෙහි රචකයා විරහවේ එක් පාර්ශවයක් සඳහා ආරෑඩ වන අතර..
ගීය ආරම්බ වන්නේ පීක් පීක් හඬ දෙකක අතරින් මොටෝසයිකලයක  හඬ පසුබිමිනි..
ඒ අනුව මොටෝසයිකලයක ගමනක් යන කෙනෙක් ගැන ගීය ඉඟි කරයි..
එසේ මෙසේ එකක් නොව අජානීය ස්කූරටයකි.
බොදු සාහිත්‍යයේ එන පරිදි අජානීය යනු අශ්ව කුල වල ඉහල තලයේ කුලයකි..
රචකයා මේ සුපිරි ස්කූටරය අජානීය අශ්වයෙකුට උපමා කරමින් කතාවට ඇරඹුම සටහන් කරයි..
කුමාරියක් වාත වේගයෙන් ඉගිලෙන අතර
අජානීය තුරඟා පදවන තම හිමියන්ගේ දෙඋරහිසට වාරු ගෙන
සිරි නරඹන අයුරු රචකයා විස්තර කරයි.

එ බැල්මේ සාඩම්බරය ඔහු දකී..විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
ඇය සිතා සිටින්නේ රාජිනියක් කියාය..බැල්ම ඒ තරම් සාඩම්බරය..
ඒ සාඩම්බරයම එහි අවසානය වේ දැයි රචකයාට සිතෙයි..

සූ සැට ශිල්පය උගෙනා.
පාර ගතව ගියෙනා..
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා..
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා..

රචකයා උගතෙක් බව කියාපායි එහෙත් ඔහු රැකියා විරහිත බැවින්
පාරට වැටුනු බව කියයි...දැන් ඔහු මහපාරේ කම්කරුවෙකි..
උදැල්ල ඔහු අත තිබේ..දහදියෙන් සිරුර නැහැවී තිබේ ..
මේ දැක කෙනෙක් උපහාසයෙන් සිනා නගයි..අත රැඳි 
ලේන්සුවෙන් නහය වසා ගනී..අවාසනාවකට මේ පෙර කල ඔහුගේ පෙම්වතියයි..

සදාකල්ම පෙම්වතුගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..

පෙම්වතුන් සිහින පුරා පිපෙන පුෂ්පයක් ගැන පවසන රචකයා
එහි වූ අසදෘශ බව උපමාවකින් පැහැදිලි කරයි..
උදුම්බරා පුෂ්පය බොදු සාහිත්‍යයේ හැඳින්වෙන්නේ
ඉතා දිගු කලකින් පිපෙනා දැකීමට ඉතා දුර්ලබ අලංකෘත පුෂ්පයක් ලෙසයි..
පිපුනු විට යොදුන් ගනන් සුවඳ විහිදුවන්නකි...
සැබෑ ආදරයේ දුර්ලබ බව සරල නමුත් ප්‍රතයක්ෂ ලෙස රචකයා පවසන අපූරුව...

 උදුම්බරා
රෑ තුන යම සුවඳ උලා උදෑසනින් කෙලෙසකවත් එවැන්නක් පිපෙන්ට අපහසුය..
එසේනම් එලෙස සුවඳ මැකී යන්නේ බොරු උදුම්බරාවන්ය..
එනම් මේ කුමරිය එවන් හදිසි මල් පුබුදන්නියක් බව නොකියා කියන්නට
රචකයා දකවන සමත්කම උත්කෘෂඨ නොවේද..

ඔහු එවන් මලක අහිමි කරුවෙක් බව කියමින් ..ඒ කුමක් වුවත්
ඇයට එ මලින් අඩුවක් නොවෙන්නට යයි පතයි..

"කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා.."

මා මුලින් කීවාක් මෙන් මේ විරහ ගීයේ ඇත්තේ විලාපය නොවේ..
ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම සහ සියුම් උපහාස රසයක් මේ පද අතරින් මතු කරන්නට
රචකයා සමත් වෙයි..

සුදු අරලියා මලේ හා..උදුම්බරා මලේ වෙනස අහසට පොලව වැනි යයි මට සිතෙන්නේ එබැවිනි..

ගීය නිම වන්නේ මොටොසයිකලයේ ඇන්ජිම නවතින හඬත් සමගය..



3 comments:

  1. අදනෙ දන්නේ මෙහෙම වෑඩක් කරනව කියල. ලස්සනයි, ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන තියෙන හැටියට ලියනවා මචං...ස්තුතියි..

      Delete
  2. ඔබත් කදිම ගීත විචාරකයෙක්නේ. සිංදු ඇනෝ තමයි මෙහෙට පාර කිව්වෙ. ඔබේ විචාරය කදිමයි. ඒ වගේම උදුම්බරා මලේ ඡායාරූපයක් දැම්ම එක ගොඩක් වටිනවා. මාත් අදමයි දැක්කේ.

    මේ ගැන මාත් ලිව්වා. එන්න, ගී සංවේදනා කියවනවානම්.

    http://masandumal.blogspot.com/

    ඔබට ජයවේවා.

    ReplyDelete